වසර 9කට පසු ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟාවලියක ජය සමරයි

Tuesday, 07 July 2015 - 21:32

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+9%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායම අද (07) සමත්වුණා. ඒ, මහනුවර පල්ලෙකැලේ දී නිමාවට පත්වූ තුන්වන ටෙස්ට් තරගය කඩුලූ 7 කින් ජයග්‍රහණය කිරීමත් සමගයි. පාකිස්ථාන කණ්ඩායම මෙරටදී ටෙස්ට් තරඟාවලියක් ජයගත්තේ වසර 9 කට පසුව වීමද විශේෂත්වයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 278 ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලූදෙනා දැවී  ලබාගත්තේ ලකුණු 215 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 313 ක් ලබාගත් අතර ඒ අනුව ලකුණු 377 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්ථානය කඩුලූ 3 ක් දැවී ලකුණු 382 ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා. මෙම තරඟාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමත් සමඟ පාකිස්ථානය ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වුණා.

ශ්‍රී  ලංකාව තවදුරටත් මීට  පෙර රැදී සිටි හත්වන ස්ථානයේම පසුවනවා.

\"\" \"\" \"\" \"\" \"\" \"\"

\"\"

\"\"

  \"\"